හිටපු ජනාධිපති ගෝඨාභයට විරෝධය පළකරමින් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්

හිටපු ජනාධිපති ගෝඨාභ රාජපක්ෂට විරෝධය පළකරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපිට පිරිසක් නිහඬ විරෝධතාවය නිරත වුණා.

ගෝඨාභ රාජපක්ෂ හිටපු ජනධිපතිවරයා අද (29) දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියා.

ඒ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලලිත් සහ කුගන් යන පුද්ගලයින්ගේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් වන නඩු විභාගයට මාර්ග ගත ක්‍රමය ඔස්සේ සාක්ෂි දීම සඳහායි.