AFC Banner
Empty Ad
Empty Ad

මෙරට භූ චලන සම්බන්ද හෙලිදරව්වක්

ඉන්දු-ඔස්ට්‍රේලියා භූ තැටියේ විචලනය මත ශ්‍රී ලංකාවේ ඉදිරියේදී නිරන්තරයෙන් සුළු භූ චලන ඇතිවන බවට භූ විද්‍යා විශේෂඥයන් කරුණු දක්වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කීවේය.

ලංකාවේ මෙතෙක් කලක් වූ භූ කම්පන සියල්ල සිදුවී ඇත්තේ ගිනිකොණ ප්‍රදේශය ආශ්‍රිතවය. බදුල්ල, මහනුවර ආදී දිස්ත්‍රික්ක ගත්තත් එම දිස්ත්‍රික්කවල භූ කම්පන සිදුවී ඇත්තේද ගිනිකොණ දෙසට වන්නට බව පතල් කාර්යාංශයේ සභාපතිවරයා කියයි.

රිච්ටර් පරිමාණ 3ට වඩා භූ චලන ඉදිරියේදී ද නිරන්තරයෙන් ඇතිවීමේ හැකියාව පවතින බවත්, වසරකට ලෝකය පුරා සුළු භූ චලන දස ලක්ෂයකට වඩා සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මහා පරිමාණ භූ චලනයක් සිදු නොවේ යැයි අනුමාන කළත් මීට වසර ගණනාවකට පෙර ඉන්දියාවේ ප්‍රාන්තයක විශාල භූ චලනයක් සිදුවී තිබීම නිසා මෙම සුළු භූ චලන පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවද සභාපතිවරයා කියා සිටී.

භූ චලන මාන පද්ධති කිහිපයක් මෙරට දකුණු කලාපය ආශ්‍රිතව සවි කිරීමටද කටයුතු කරන බව සභාපතිවරයා කීය.

ලුණුගම්වෙහෙර ජලාශයේ වේල්ල අසල පෙරේදා (07 වැනිදා) පෙරවරු 10.38ට පමණ රිච්ටර් පරිමාණ 2.4ක් විශාලැති සුළු භූ චලනයන් සිදුවූ අතර, ඉකුත් අගෝස්තු මස 24 වැනිදා රාත්‍රි 9.29ටද භූ චලනයක් වාර්තා වූයේ යාල කලාප අංක 01 ආශ්‍රිතවය. එහි විශාලත්වය රිච්ටර් පරිමාණ 2.5කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?