ශ්‍රී ලංකාවට IMF දෙවන වාරිකය, ADB සහ ලෝක බැංකුවෙන් මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඒ අනුව IMF වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකය, ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එක්සත් ජනපද ඩොලර් මිලියන 787ක් වන මෙම මූල්‍ය පහසුකම් හරහා අයවැය ශක්තිමත් කිරීම සහ රටේ විදේශ සංචිත වැඩිදියුණු කිරීම අරමුණු කරයි.2023 වසර අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 04 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
4
+1
1
+1
+1
+1
4




