ශ්‍රී ලංකාවේ මේවන විට පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා රුසියාවේ සහායක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ වනවිටත් දෙරට අතර ඉන්ධන ලබා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ඇරඹී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාෂියා හක්ලෝවා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසා ඇති බවයි.එමෙන්ම ශ්‍රී ලංකාව පත්ව ඇති අසීරු අවස්ථාවේ දී සිය පාර්ශ්වයෙන් ලබා දිය හැකි උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
136




