මෙරට තුළ සිටින පෙරපාසල් ගුරුවරු 34,000න් බහුතරයකට විධිමත් පුහුණුවක් නැහැ

මෙරට තුළ සිටින පෙරපාසල් ගුරුවරු තිස්හතර දහසෙන් විධිමත් පුහුණුවක් ලද පෙර පාසල් ඩිප්ලෝමාධාරීන් සිටිනුයේ 6,000ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ මෙරට තුළ පෙරපාසල් 19,000ක් ක්‍රියාත්මක වන බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන අයාතනය විසින් ලබාදෙන පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

වයස අවුරුදු 03ත් 05ත් අතර දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

ලොව බොහෝ දියුණු රටවල පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කරන නමුත් මෙතෙක් මෙරට පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිසි අවධානයක් යොමුකර නොමැති බව ද පෙන්වා දුන්නා.

2025 වර්ෂයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන්නේ නම් පළමුවැනි ශ්‍රේණියට ප්‍රවේශ කරවන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය ද ඒ හා අනුගත විය හැකි අයුරින් සිදුකළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

රජය මඟින් ක්‍රියාවට නංවන පෙරපාසල්, ජාත්‍යන්තර පාසල්වල ක්‍රියාත්මක පෙර පාසල්, රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්වල ක්‍රියාත්මක පෙර පාසල්, පළාත් සභා මට්ටමින් ක්‍රියාවට නැංවෙන පෙරපාසල් මෙන්ම පුද්ගලික මට්ටමින් ක්‍රියාවට නැංවෙන පෙර පාසල් සියල්ලෙහි ම පොදු විෂය රාමුවක් පවත්වාගෙන යාමට ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වන බවද, ප්‍රාදේශීය මට්ටමින් සංස්කෘතික හා සමාජමය කරුණු මත යම් යම් සුවිශේෂතා පැවතිය හැකි නමුත් ප්‍රධාන අරමුණු සමඟ ඒකාත්මික වන පොදු විෂය රාමුවක් ක්‍රියාවට නැංවීම පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් අවධාරණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34