මෙරට තුළ සිටින පෙරපාසල් ගුරුවරු 34,000න් බහුතරයකට විධිමත් පුහුණුවක් නැහැ

මෙරට තුළ සිටින පෙරපාසල් ගුරුවරු තිස්හතර දහසෙන් විධිමත් පුහුණුවක් ලද පෙර පාසල් ඩිප්ලෝමාධාරීන් සිටිනුයේ 6,000ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ මෙරට තුළ පෙරපාසල් 19,000ක් ක්‍රියාත්මක වන බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන අයාතනය විසින් ලබාදෙන පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

වයස අවුරුදු 03ත් 05ත් අතර දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.

ලොව බොහෝ දියුණු රටවල පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කරන නමුත් මෙතෙක් මෙරට පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිසි අවධානයක් යොමුකර නොමැති බව ද පෙන්වා දුන්නා.

2025 වර්ෂයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාවට නංවන්නේ නම් පළමුවැනි ශ්‍රේණියට ප්‍රවේශ කරවන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය ද ඒ හා අනුගත විය හැකි අයුරින් සිදුකළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

රජය මඟින් ක්‍රියාවට නංවන පෙරපාසල්, ජාත්‍යන්තර පාසල්වල ක්‍රියාත්මක පෙර පාසල්, රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්වල ක්‍රියාත්මක පෙර පාසල්, පළාත් සභා මට්ටමින් ක්‍රියාවට නැංවෙන පෙරපාසල් මෙන්ම පුද්ගලික මට්ටමින් ක්‍රියාවට නැංවෙන පෙර පාසල් සියල්ලෙහි ම පොදු විෂය රාමුවක් පවත්වාගෙන යාමට ජාතික මට්ටමින් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වන බවද, ප්‍රාදේශීය මට්ටමින් සංස්කෘතික හා සමාජමය කරුණු මත යම් යම් සුවිශේෂතා පැවතිය හැකි නමුත් ප්‍රධාන අරමුණු සමඟ ඒකාත්මික වන පොදු විෂය රාමුවක් ක්‍රියාවට නැංවීම පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මගින් අවධාරණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?