මෙරට තවත් මහා පරිමාණ මූල්‍ය වංචාවක් ගැන තොරතුරු හෙළිවෙයි

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ පසුගිය 2012 වසරේ සිට සිදුවී ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් විගණන අංශ විමර්ශන ආරම්භ කර ඇත.

මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රුපියල් ලක්ෂ 97ක මුදල් අක්‍රමිකතාවයක් සිදුව ඇති බවයි.

දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේදී වෙනත් පුද්ගලයන්ගේ නම් උපයෝගී කර ගනිමින් සැකසූ බැංකු ගිණුම්වලට මුදල් බැර කර මෙම වංචාව සිදුකර ඇති බව විගණන පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම වංචාවට සම්බන්ධ බව කියන අධ්‍යාපන කාර්යාලයේ සේවකයා පසුගිය 2016 වසරේදී වලපනේ ප්‍රාදේශීය සභාවට ස්ථාන මාරුවක් ලබාගෙන ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සතියකට දින දෙකක් හඟුරන්කෙත කලාප අධයාපන කාර්යාලය වැටුප් සකස් කිරීම සදහා අනුයුක්ත කර තිබේ.

එමෙන්ම අදාළ සේවකයා ඔහුගේ බිරිඳගේ නමට ද ගිණුමක් සකස් කොට එයට රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් බැර කර තිබෙන බව විගණන පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවට වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?