මෙරට තරුණියන්ගේ කොරියානු රැකියා සඳහා වන ඉල්ලුම ඉහළට

2025 වසරේ මේ දක්වා පමණක් දකුණු කොරියාව සඳහා රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියාවන් සදහා 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව ගොස් ඇති අතර, එම කණ්ඩායමට තරුණියන් 07 දෙනෙකුද අයත් වීම විශේෂත්වයක් වනවා.

එම කාර්යාංශය සඳහන් කරන්නේ මෙරට තරුණියන්ගේ ද දකුණු කොරියා රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.

ඒ අනුව මෙම වසර තුළ මේ දක්වා පමණක් මෙරට තරුණියන් 85 දෙනෙක් දකුණු කොරියාව වෙතට රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව කොරියානු රැකියා ලාභීන්ට වසර හතරක සහ මාස 10ක කාලයක් සඳහා දකුණු කොරියාවේ රැකියාව සඳහා කාලය හිමිවන අතර නැවත ලංකාවට පැමිණ ආපසු දකුණු කොරියාව සඳහා පිටත්ව යාමේ හැකියාවද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?