මෙරට තරුණියන්ගේ කොරියානු රැකියා සඳහා වන ඉල්ලුම ඉහළට

2025 වසරේ මේ දක්වා පමණක් දකුණු කොරියාව සඳහා රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියාවන් සදහා 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (19) අලුයම කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව ගොස් ඇති අතර, එම කණ්ඩායමට තරුණියන් 07 දෙනෙකුද අයත් වීම විශේෂත්වයක් වනවා.

එම කාර්යාංශය සඳහන් කරන්නේ මෙරට තරුණියන්ගේ ද දකුණු කොරියා රැකියා සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි.

ඒ අනුව මෙම වසර තුළ මේ දක්වා පමණක් මෙරට තරුණියන් 85 දෙනෙක් දකුණු කොරියාව වෙතට රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව කොරියානු රැකියා ලාභීන්ට වසර හතරක සහ මාස 10ක කාලයක් සඳහා දකුණු කොරියාවේ රැකියාව සඳහා කාලය හිමිවන අතර නැවත ලංකාවට පැමිණ ආපසු දකුණු කොරියාව සඳහා පිටත්ව යාමේ හැකියාවද පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03