spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට තරුණයින් රැසකට දකුණූ කොරියාවේ රැකියා අවස්ථා

ධීවර ක්ෂෙත්‍රයේ රැකියා සදහා තවත් 52 ක් දකුණූ කොරියාව බලා 20 වැනිදා පිටත්ව ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ දකුණූ කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුමට අනුව මෙම පිරිස පිටත්ව ගොස් ඇත.මෙසේ පිටත්ව ගොස් ඇත්තේ මෙරට 800 වෙනි කණ්ඩායම බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

එසේම දකුණූ කොරියාවේ සේවා කාලය නිම කර සිය රට පැමිණි 80 දෙනෙකුද එම සේවා ස්ථානයට 21 වැනිදා පිටත්ව යාමට නියමිතව ඇත.

2023 වසර තුළ පමණක් ශ්‍රී ලංකිකයින් 3354 දෙනෙකු රැකියා සදහා දකුණූ කොරියාවට පිටත්ව ගොස් ඇත.
මේ වන විට ශ්‍රී ලාංකිකයින් 2804 දෙනෙකු දකුණූ කොරියාවේ නිෂ්පාදන අංශ වල සේවය කරන අතර,397 දෙනෙකු ධීවර ක්ෂේත්‍රයේ ද,36 දෙනෙකු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ 02 කු කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේද රැකියාවල නිරත වේ.
මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකිකයින් 8000 කට තම රටේ රැකියා ලබ දීමට දකුණු කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය පළ කර ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?