AFC Banner
Empty Ad
Empty Ad

මෙරට කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමක් – සෞඛ්‍ය අංශ හදිසියේම කළ දැනුම් දීම මෙන්න

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 487ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 294,820ක් ලෙසටයි.

UPDATE:

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1220ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 294,333ක් ලෙසටයි.එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 957ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 266,665ක්.

එමෙන්ම පසුගිය සතියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පහත වැටී තිබුණ ද යළි කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

මෙලෙස කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යළි ඉහළ යාම පෙන්නුම් කළේ මීට දින 06කට පෙර සිටයි.ඒ අනුව පසුගිය 18 වනදා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 1420ක් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?