Indian Premier League

මෙරට ඉන්ධන අලෙවියට එක්වන සමාගම්වලට ලැබෙන පිරවුම්හල් කාණ්ඩ කර අවසන්

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමට එක්වන විදේශ සමාගම් තුනට හිමිවන ඉන්ධන පිරවුම්හල් 450 කාණ්ඩ තුනකට වෙන්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ, අනුව එක සමාගමකට පිරිවුම්හල් 150 බැගින් හිමිවන පරිදි මෙම කාණ්ඩගත කිරීම සිදුකර තිබෙනවා.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ දැනටමත් කටයුතු කරන එම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (05) පවත්වා තිබෙනවා.

මෙරට ඉන්ධන අලෙවිය සඳහා කැමැත්ත පළකර ඇති නව සමාගම් තුන සමඟ ගිවිසුම්ගත වීමෙන් ඉන්ධනහල් හිමියන්ට සහ ඉන්ධන පාරිභෝගිකයන්ට හිමිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව එහිදී දැනුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ලංකා අයි.ඕ.සී.සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිලධාරින් සමඟ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සාකච්ඡාවක් පවත්වා ඊයේ (04) පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?