මෙරට අලි සම්පත අහිමිවන ලකුණු

2023 ජනවාරි සිට අප්‍රියල් මාසය අවසන් වන විට මෙරට වන අලින් 151 දෙනෙකු මිය ගොස් ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අළුත්ම වර්තාවක සදහන් වේ.වන අලින් 67 දෙනෙකු මිය ගොස් ඇත්තේ සෘජු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවත්,ඒ අතරින් වන අලින් 06 දෙනෙකු මිය ගොස් ඇත්තේ “හක්කාපටස්” උගුලට හසුවීමෙන් බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

2022 වසර තුළ මෙරට වන අලි මරණ 433 ක් වර්තා වී ඇත. වන ජීවී දෙපාර්තමේන්තු වාර්තා අනුව මෙරට වන අලින් 7000 ක් පමණ ජීවත් වේ.නමුත් වන ජීවී සංරක්ෂකයින් කියා සිටින්නේ එම ප්‍රමාණය ඊට වඩා අඩු විය හැකි බවය.
මෙරට ක්‍රියාත්මක වන වන ජීවී පනත ඇතුළු නීති – රීති ප්‍රබල වුවත්,එම නීති බලාත්මක කිරීමේ ක්‍රමවේදය ඉතාමත්ම දුර්වල තත්ත්වයක පවතින බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සදහන් කරයි.එමෙන්ම වන ජීවී දෙපාර්තමේන්තුවේ සේවක පිරිසද සුළු මට්ටමක පවතින බවද ගුණවර්ධන මහතා කියා සිටී.

වන අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සදහා රජය විසින් 2019 – 2020 වසර වලදී පමණක් රුපියල් මිලියන 490 ක් වැය කර කිලෝ මීටර් 4,756 ක අලි වැටක්ද ස්ථාපනය කර ඇත.නිසි ස්ථාන වල ස්ථාපනය නොකිරීමත්,නඩත්තු කටයුතු අවම වීමත් හේතුවෙන් අලි වැට ස්ථීර විසදුමක් නොවන බව සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.එම හේතුව නිසාම අලි වැට ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවද හෙතෙම සදහන් කරයි.

මේ අතර වන ජීවී දෙපාර්තමේන්තුව කියා සිටින්නේ දිනෙන් දින අලි මරණ ඉහළ යාම අනාගතයේ භයානක අනතුරක පෙර නිමිත්තක් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30