මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ලා

ලොවක් වසඟයට පත් කරපු අපේ රටේ යොහානි ගැන දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ඇයව නොදන්න කෙනෙක් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයෙත් නැති තරම්.

කොහොම වුණත් යොහානි ගැන අමුතුම කතාවක් මේ වෙද්දි කරළියට ඇවිත් තියෙනවා.

ඒ තමයි නාමල් උයනේ වනවාසී පූජ්‍ය රාහුල හිමියන් මුහුණුපොතේ තැබූ සටහනක් නිසා.

මෙම සිදුවීම මේ විදිහට රාහුල හිමියන් සිය මුහුණුපොතේ තබා තිබුණා.

යොහානිගේ මැනේජර් එක්ක සිදුවූ කතාබහක්. තමයි මේ…

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ල.

අර මොකක්ද අනුන්ගේ සින්දුවක් කියලා ලෝකයම කතාකරපු යො⁣හානි කෙල්ල ගැන කියන්න තියෙනවා බොලාට. මෙයා ගැන අපේ රටෙි කිසිම කලාකාරයෙක්වත් කතා නොකරන වෙලාවේ මම මෙයා ගැන ලිව්වා බොලාට මතක ඇති.
අනුන්ගේ සින්දුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවානම් හොදයිනේ.ඒ හින්දා මම ඒකි ගැන මුහුණුපොතේ ලිව්වා.ඒකට මට ගොඩක් එවුන් බැන්නත් එක්ක.

එකෙන් කමක් නැහැ.මම කෝකටත් කියලා මේ කෙල්ලට සුබපතන්න ඔිනේ කියලා ගත්තා කෝල් එකක්.මෙන්න යකෝ කතාක⁣ළේ මේකිගේ මැනේජර්ද මොකෙක්ද එකෙක්.

එයාට කතාකරන්න බැහැ,එයා හමුවෙන්නත් බැහැ, කියලා මු කිව්වා.යකෝ පස්සේ අර මැනෙජරයා කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා.බොල ගොන් ගොබිලෝ තෝ දන්නේ නැ.

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඕනේම එකෙකුට ඕනාවට වඩා ප්‍රසිද්ධිය හමුවුණාට පස්සේ ඒකෙන් පිම්බුනොත් ගිහි හෝ පැවිදි ඕනේම එකෙක් ඉතා ඉක්මනින් පශ්චාත් බාගේ බිම ඇනගන්නවාමයි බොලව්.මේතරම් උඩින් ඉන්න මේයාට වෙන්නේත් ඕකමයි.

මුදල් ලැබෙනකොට ඔිනේම එකෙක් වෙනස් වෙනවා.ඉදිමෙනවා.අන්තිමට හුළං බහිනවා.දේශපාලයොත් එහෙමනේ බොලව්.උන්ටත් මුල මතක් වෙන්නේ හුළං බැස්සාමනේ.

තොපිට මම අද එකක් කියන්නම්.උඹලට මතකද අර ඉන්දියාවේ පාරේ හිඟා කකා හිටපු රනු මොන්ඩාල්.ඒ ගැනිව නාවල කරලා අරන් ගීත කියන්න ගත්තනේ.රනු මොන්ඩාල්ට මහ ජනප්‍රියත්වයක් හම්බවුණා.

සල්ලි හම්බවුනා.අන්තිමට ඒකි පිම්බුනා.ඇඟේ ගෑවුණත් මිනිස්සුන්ට බනිනන් පටන් ගත්තා.උද්දච්චකමක් ආවා.අන්තිමට මොකද වුණේ.ඒකි හිටපු තැනටම ආපහු වැටුණා…මට මේකි ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි බොලව්.

අනික ඕක රැල්ලක්.රැලි එනවා යනවා බොලව්.මටනම් දැන් හිතෙනවා මහාචාර්ය නලින්ද සිල්වා මේ කෙල්ල ගැන කියපු දේවල් හරි කියලා බොලව්.

අපේ රටේ කලාකාරයෝ තවමත් මේ කෙල්ල ගැන කිව්වේ නැත්තේ අවසානයේ වෙනදේ දන්න හින්දා වෙන්න ඇති බොලව්.

කටුස්සගෙ කරේ රත්තරන් බැනදාම වෙන්නෙ මොකද කියල කතාවකුත් තියනවනෙ ඒකම තමයි මෙිත්. මම හිතන් හිටියෙ ඉතාම නිහතමානි කමෙන් ඉදිරියට කටයුතු කරගෙන යයි කියල අපෝ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
172
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15