මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ලා

ලොවක් වසඟයට පත් කරපු අපේ රටේ යොහානි ගැන දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
ඇයව නොදන්න කෙනෙක් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයෙත් නැති තරම්.

කොහොම වුණත් යොහානි ගැන අමුතුම කතාවක් මේ වෙද්දි කරළියට ඇවිත් තියෙනවා.

ඒ තමයි නාමල් උයනේ වනවාසී පූජ්‍ය රාහුල හිමියන් මුහුණුපොතේ තැබූ සටහනක් නිසා.

මෙම සිදුවීම මේ විදිහට රාහුල හිමියන් සිය මුහුණුපොතේ තබා තිබුණා.

යොහානිගේ මැනේජර් එක්ක සිදුවූ කතාබහක්. තමයි මේ…

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ල.

අර මොකක්ද අනුන්ගේ සින්දුවක් කියලා ලෝකයම කතාකරපු යො⁣හානි කෙල්ල ගැන කියන්න තියෙනවා බොලාට. මෙයා ගැන අපේ රටෙි කිසිම කලාකාරයෙක්වත් කතා නොකරන වෙලාවේ මම මෙයා ගැන ලිව්වා බොලාට මතක ඇති.
අනුන්ගේ සින්දුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවානම් හොදයිනේ.ඒ හින්දා මම ඒකි ගැන මුහුණුපොතේ ලිව්වා.ඒකට මට ගොඩක් එවුන් බැන්නත් එක්ක.

එකෙන් කමක් නැහැ.මම කෝකටත් කියලා මේ කෙල්ලට සුබපතන්න ඔිනේ කියලා ගත්තා කෝල් එකක්.මෙන්න යකෝ කතාක⁣ළේ මේකිගේ මැනේජර්ද මොකෙක්ද එකෙක්.

එයාට කතාකරන්න බැහැ,එයා හමුවෙන්නත් බැහැ, කියලා මු කිව්වා.යකෝ පස්සේ අර මැනෙජරයා කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා.බොල ගොන් ගොබිලෝ තෝ දන්නේ නැ.

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඕනේම එකෙකුට ඕනාවට වඩා ප්‍රසිද්ධිය හමුවුණාට පස්සේ ඒකෙන් පිම්බුනොත් ගිහි හෝ පැවිදි ඕනේම එකෙක් ඉතා ඉක්මනින් පශ්චාත් බාගේ බිම ඇනගන්නවාමයි බොලව්.මේතරම් උඩින් ඉන්න මේයාට වෙන්නේත් ඕකමයි.

මුදල් ලැබෙනකොට ඔිනේම එකෙක් වෙනස් වෙනවා.ඉදිමෙනවා.අන්තිමට හුළං බහිනවා.දේශපාලයොත් එහෙමනේ බොලව්.උන්ටත් මුල මතක් වෙන්නේ හුළං බැස්සාමනේ.

තොපිට මම අද එකක් කියන්නම්.උඹලට මතකද අර ඉන්දියාවේ පාරේ හිඟා කකා හිටපු රනු මොන්ඩාල්.ඒ ගැනිව නාවල කරලා අරන් ගීත කියන්න ගත්තනේ.රනු මොන්ඩාල්ට මහ ජනප්‍රියත්වයක් හම්බවුණා.

සල්ලි හම්බවුනා.අන්තිමට ඒකි පිම්බුනා.ඇඟේ ගෑවුණත් මිනිස්සුන්ට බනිනන් පටන් ගත්තා.උද්දච්චකමක් ආවා.අන්තිමට මොකද වුණේ.ඒකි හිටපු තැනටම ආපහු වැටුණා…මට මේකි ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි බොලව්.

අනික ඕක රැල්ලක්.රැලි එනවා යනවා බොලව්.මටනම් දැන් හිතෙනවා මහාචාර්ය නලින්ද සිල්වා මේ කෙල්ල ගැන කියපු දේවල් හරි කියලා බොලව්.

අපේ රටේ කලාකාරයෝ තවමත් මේ කෙල්ල ගැන කිව්වේ නැත්තේ අවසානයේ වෙනදේ දන්න හින්දා වෙන්න ඇති බොලව්.

කටුස්සගෙ කරේ රත්තරන් බැනදාම වෙන්නෙ මොකද කියල කතාවකුත් තියනවනෙ ඒකම තමයි මෙිත්. මම හිතන් හිටියෙ ඉතාම නිහතමානි කමෙන් ඉදිරියට කටයුතු කරගෙන යයි කියල අපෝ.

  1. ඒ ගෑණු ළමයා ආගමකට ජාතියකට අපහාස කරන විදිහ නොහැදුණු කමක්අ තියෙන අහංකාර කෙනෙක් නොවෙයි.බොහොම ගුණ යහපත්ම ගැහැණනු දරුවෙක් දන්නා තරමින්. පෞද්ගලිකව එයාව දන්නවා.බොහොම හොඳ ළමයෙක් නමුත් වටේ ඉන්න අය ගැන කියන්න දන්නේ නෑ.

  2. එයා සින්දු කියනව අපි අහනවා ,personal contact හදාගන්න ඕනෙද ඕකට,අනික කෙනෙක් දියුණු වෙනකොට එක එක දේට වෙනවෙනම managers ලා ඕනේ එක ලංකාවට නුහුරු යි,හාමුදුරු වෝ පන්සලේ දර්මය රකින්න ඕනේ ,,,ගායකයෝ සින්දු කියන්න ඕනේ …..තමන්ගේ de තමන් කරන්න ඕනේ…..පොඩි පොඩි කෙල්ලේ පස්සේ ගියේ මොකටද …මම හිතම්න්නේ යෝහානි Grate !!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44