AFC Banner
AFC Banner
Empty Ad

මෙම සැකකරු සොයා පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරවත්ත ප්‍රදේශයේ දී පසුගිය 2024 වසරේ 11 මස 10 දින වෙඩි තබා කාන්තාවක් සහ පිරිමින් පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

බටපොල, පන්සල පාර ඉදිරිපිට, පොල්හුන්නාව ලිපිනයේ පදිංචිව සිටි වැල්ලගේ චමත් හර්ෂක පැතුම් නැමැති මෙම සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඒ, අනුව පහත ඡායාරූපවල සිටින සැකකරු පිළිබඳව තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාව වෙත දැනුම් දෙන්නේ.

071- 8591484 / 091 – 2291095

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?