මෙම වසරේ බලවත්ම සුළි කුණාටුව කැරිබියන් මුහුද හරහා ඊසාන දෙසින් ගමන් කරමින් ජැමෙයිකාවට සමීප වෙමින් පවතිනවා.
‘මෙලිසා’ ලෙස නම්කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් බොහෝ ජැමෙයිකානුවන් මේ වනවිටත් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජනපදය පදනම් කරගත් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය විසින් ‘මෙලිසා’ පස්වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස නම්කර තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ සුළි කුණාටුවේ පූර්ව බලපෑම හේතුවෙන් දැනට හටගෙන ඇති වැසි හා සුළං තත්ත්වයත් සමඟ පුද්ගයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ අතර කියුබාවට සහ ගිනිකොනදිග බහමාස් සඳහා ද ‘මෙලිසා’ සුළි කුණාටුවේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
සුළි කුණාටුව හේතුවෙන් බරපතළ හානි හා ජීවිත අහිමිවීමේ දැඩි අවධානමක් පවතින බව ඇමරිකා කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර පස්වන කාණ්ඩයේ කුණාටුල ලෙස මේ වනවිට නම්කර ඇති ‘මෙලිසා’ ගොඩබිමට ළඟාවන විට එහි බ්‍රපලත්වය අඩුවනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.





