AFC Banner
AFC Banner
Empty Ad

මූල්‍ය වංචාවකට ගෑවුනු කතක් පොලිස් අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛන සකස්කර ඉඩමක් විකුණා මුදල් වංචාවක් සිදු කිරීමට ආධාර අනුබල දුන් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය රාගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට පත් සැකකාරිය අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කඩවත, රන්මුතුගල ප්‍රදේශ පිහිටි රුපියල් 13,400,000ක් වටිනා ඉඩමක් ලබාදෙන බව පවසා ව්‍යාජ ඔප්පුවක් සකස්කර එම ඉඩම රුපියල් 6,700,000ක මුදලකට විකුණා මොවුන් මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?