AFC Banner
AFC Banner
Empty Ad

මුළු පවුලම රෝහලට යැවු අනතුර

කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් අද පෙරවරුවේ අනතුරට ලක්ව තිබෙනවා. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය මාර්ගය හරහා ගොස් විදුලි කණුවක ගැටීමෙන් අනතුරට ලක්වෙන අයුරු එහි දැක්වෙන්නේ.

අනතුරින් එහි ගමන්ගත් මව සහ දියණිය බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලීසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස සිටි පියා ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හොරණ සිට කොළඹ දෙසට පැමිණෙමින් තිබු ත්‍රිරෝද රථය අධික වේගයෙන් පැමිණීම හේතුවෙන් රියදුරුට පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇතැයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?