AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වූ බීඩිකොළ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 1332 ක් භාරයට ගෙන ඇති
බව හලාවත පොලිස් නිලධාරීන් පවසනවා.

එම බීඩිකොළ මෙරටට ගෙන්වූ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනකු ද මේ සමග අත් අඩංගුවට ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඊයේ (04) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇත්තේ හලාවත පොලිසියට ලද තොරතුරක් මතයි.

මුහුදු මාර්ගයෙන් කුඩා බෝට්ටු දෙකකින් ගෙන එන ලද මෙම බීඩි කොළ තොගය හලාවත – ජයබිම ප්‍රදේශයේ කලපු තීරයේ වෙරළට ගොඩ බෑමට සුදානම් වන අවස්ථාවේ දීයි මෙම වැටලීම සිදු කෙරුණේ.

බීඩි කොළ තොගය විශාල ප්‍රමාණයේ පොලිතින් මළු 42 ක අසුරා තිබී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත – ජයබිම සහ කල්පිටියේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත් හෙළි ව තිබෙනවා.

බීඩි කොළ තොගය මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය සදහා යොදා ගත් කුඩා බෝට්ටු දෙකක් සහ එන්ජින් දෙකක් ද පොලිස් භාරයට ගැනුණා.

සැකකරුවන් සහ බීඩි කොළ තොගය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?