මුහුදු මාර්ගයෙන් ගෙනා හෙරොයින් හා අයිස්වල මුළු වටිනාකම බිලියන 23ක් – පොලිසිය

මෙම වසරේ මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමේ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණ ගැන ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ඒමේ දී ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය බුද්ධි සේවාව මගින් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරනවා.

ඒ අනුව 2025 වර්ෂයේ මේ දක්වා බහුදින ධීවා යාත්‍රා මගින් මෙරටට රැගෙන ඒමේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම් 04ක් සිදු කර ඇති අතර එහි සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 1758ක්.

එම හෙරොයින්වල මුළු වටිනාකම රුපියල් බිලියන 10.84ක් බවත් වාර්තා වනවා.

අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම ද රුපියල් 12.16ක් වන බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?