AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු බත් වී ඇති එක්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීම අරඹයි

මුහුදු බත් වී ඇති එක්ප්‍රස් පර්ල් නෞකාව ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එය ශැන්හායි සැල්වේජ් නැමැති චීන සමාගම විසින් සිදු කරනු ලබන අතර එය මෙහෙයවනු ලබන්නේ, නෞකාව හිමිකාර සමාගම හා රක්ෂණ සමාගම විසිනි.

එම නෞකාව යකඩ රැහැන් 63න් යොදා ගනිමින් මුහුදු පතුලෙන් ඉහළට එසවීමට සැලසුම් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.

මේ වන විට අදාළ යකඩ රැහැන් 63න් 35ක් මුහුදු බත් වූ නෞකාවට සවිකර කර තිබෙනවා.

යකඩ රැහැන් සවි කිරීම සඳහා දින 150ක් ගත වන අතර, ඉන් පසු මුහුදු බත් වූ නෞකාව මුහුදු මට්ටමට ගෙන ඉන්දියාව ආසන්නයේ පිහිටි නෞකා කැබලි කරන ස්ථානයක් වෙත රැගෙන යාමට නියමිත යි.

පසුගිය වසරේ මැයි 20 වන දින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත් වූයේ එහි බහාලුමක ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?