මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ 16 ක් නාවික හමුදා භාරයට

මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 16 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 1280ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු මැද නාවික විධානය මගින් ඊයේ මන්නාරම, නඩුකුඩා ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශය ඔස්සේ ගමන් කරමින් තිබූ සැක කටයුතු කැබ් රථයක් පරික්‍ෂා කර තිබුණා.

එහිදී, වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් සහ එම කැබ් රථය නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 24 ත් 54 ත් අතර වයසේ පසුවන වංකාලේ, මන්නාරම සහ වීරවිල් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.

එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?