මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගුවීම් සහ වේලාවන් සංශෝධනයක් අද (24) දිනයේත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයන් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ, අනුව අද (24) උදෑසන 5.15 ට ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කෙරුණා.
එමෙන්ම මරදාන සිට ගාල්ල බලා දහවල් 12.10 ට ධාවනය වීමට නියමිත දුම්රිය ද අවලංගුවන බවයි දැනුම් දෙන්නේ.
ඊට අමතරව ගාල්ලෙන් අද (24) උදෑසන 5.00 ට කොළඹ බලා ධාවනය වූ දුම්රිය, පැය එක හමාරක් ප්‍රමාදයකින් ධාවනය වූ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම ගාල්ලෙන් උදෑසන 4.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය පැය 04 යි විනාඩි 40 ක් ප්‍රමාද වී එනෙම් උදෑසන 8.50ට ගමන් ආරම්භ කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.





