මුසරබානිගේ IPL සිහිනයට පාකිස්ථානය හරස් වෙයිද ?

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ 2026 තරගවාරය සඳහා වූ ක්‍රීඩක වෙන්දේසියේ දී, කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම විසින් බංගලාදේශයේ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ව මිලදී ගත්තද පසුව ඉන්දියාව සහ බංගලාදේශය අතර ඇතිවූ දේශපාලනික අර්බුධ හේතුවෙන් මුස්තාෆිසුර්ව කණ්ඩායමෙන් ඉවත් කිරීමට කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ පාලන මණ්ඩලයට සිදුවුණා.

ඒ අනුව මුස්තාෆිසුර් රහ්මාන් වෙනුවට සිම්බාබ්වේ ක්‍රීඩක බ්ලෙසින් මුසරබානිව සිය කණ්ඩායම සමඟ ගිවිසුම් ගත කර ගන්නා බව කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම විසින් ඊයේ (13) දිනයේ දී නිවේදනය කළා.

කෙසේ වෙතත් බ්ලෙසින් මුසරබානි, පාකිස්තානයේ පැවැත්වෙන පකිස්තාන් සුපර් ලීගය සඳහා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩයම යටතේ මීට පෙර 2026 තරගවාරය සඳහා ගිවිසුම් ගතව සිටි අතර පාකිස්තාන් සුපර් ලීගය සහ ඉන්දීය ප්‍රිමියර් ලීගය යන තරගාවලි දෙකම මෙම මාර්තු මාසයේ අග භාගයේ සිට ලබන මස දක්වා සමාන කාල පරතරයක් තුළ පැවැත්වීම හේතුවෙන් බ්ලෙසින් මුසරබානිට ඉන්දීය ප්‍රිමියර් ලීගය නිසාවෙන් පාකිස්තාන් සුපර් ලීගය අහිමි වනවා.

මේ හේතුවෙන් පාකිස්තාන සුපර් ලීගයේ ගිවිසුම් ගතව තිබියදී එය අතහැර වෙනත් ප්‍රිමියර් ලීගයකට ගිවිසුම් ගත වීම හේතුවෙන් පාකිස්තාන ක්‍රීඩක පාලක මණ්ඩලය විසින් මුසරබානිට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා පළ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
1
+1
5
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !