මුලතිව් මුහුදු වෙරළේ ඊයේ (28) දින සවස සංවිධානය කොට තිබූ සරුංගල් සැණකෙලියක් සඳහා ඒල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඊලාම් සිතියම ඇතුලත් ධජය විදහා දක්වමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවනට යැවීම හේතුවෙන් අදාල තරුණයාගේ මුලතිව් පොලීසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.
මුලතිව් වෙරළට අලංකාරයක් එක්කරනු පිණිස ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙලිය සඳහා මුලතිව් දිස්ත්‍රීක්කයේ බාල මහලු බොහෝ පිරිසක් සිය සරුංගල් නිර්මාණයන් ගුවනට යවමින් විනෝද විය.
කෙසේ වෙතත් මේ අතරේ යුද සමයේදී ඒල්.ටී.ටී.ඊ සංවිධානයේ ඊලාම් සිතියම හා එම සංවිධානය ජාතක ධජය ලෙසින් හැඳින් වූ නියගලා මලද අඩංගු කරමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවන්ගත කිරීම හේතුවෙන් එම සරුංගලය කාගෙත් අවධානයට යොමු විය.
කෙසේ වෙතත් අදාල සරුංගලය පිළිබඳව මුලතිව් පොලීසියට කරුණු අනාවරණය වීමෙන් පසුව අද (29) දින අදාල තරුණයා සොයා ප්‍රශ්ණ කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලීසිය පැවසීය.
යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදීද සෑම වසරකම ජනවාරී මස තෛපොන්ගල් දිනට සමගාමීව විශාල සරුංගල් සැණකෙළියක් සංවිධානය කෙරෙන අතර එයට සමගාමීව මුලතිව් මුහුදු වෙරලේදීද ඉදිරියේදී සරුංගල් සැණකෙලි සංවිධානය කරන බවට මුලතිව් සරුංගල් සැණකෙලිය සංවිධානය කරන ලද තරුණයින් වැඩිදුරටත් පැවසූහ.
















