මුරුත්තෙට්ටුවේ හිමිගේ අභයාරාමයේත් ලයිට් කපලා

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේත් විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ අතර මෙරට බොහෝ නිවාස සඳහා මේ වනවිට විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ දිනවල ජලවිදුලි උත්පාදනය ඉතා ඉහළ ගොස් ඇති බවත්, විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ පසුගිය සෙනසුරාදා දිනයේ දී විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබූ බවයි.

කිසිදු දැනුම්දීමකින් තොරව මෙලෙස විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබූ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් 6,000 වැනි මුදලක් ගෙවීමට තිබූ බවත්, රතු බිලක් පන්සලට නොපැමිණි බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?