මුරුත්තෙට්ටුවේ හිමිගේ අභයාරාමයේත් ලයිට් කපලා

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේත් විදුලිය විසන්ධි කිරීමට පැමිණ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

මේ අතර මෙරට බොහෝ නිවාස සඳහා මේ වනවිට විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ දිනවල ජලවිදුලි උත්පාදනය ඉතා ඉහළ ගොස් ඇති බවත්, විදුලිබල මණ්ඩලය කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ පසුගිය සෙනසුරාදා දිනයේ දී විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබූ බවයි.

කිසිදු දැනුම්දීමකින් තොරව මෙලෙස විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබූ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් 6,000 වැනි මුදලක් ගෙවීමට තිබූ බවත්, රතු බිලක් පන්සලට නොපැමිණි බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පැවසුවා.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසයි අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42