මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27ක තරුණයෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රත්මලාන ධර්මාරාම පාර ප්‍රදේශයේ දී අවුරුදු 27ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ යි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන බැංකු ගිනුමකට  උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන එකසිය තිස් අටක් ලැබී තිබෙනවා.  

අදාළ මුදල් මේ වනවිට විදෙස් රටක වාසය කරන සංවිධානාත්මක අපරාධ කරුවකු වන ධර්මසිරි පෙරේරාගේ බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරන්න.

මීට පෙරත් ධර්මසිරි පෙරේරා නැමැති පාතාල අපරාධකරු විසින් මෙරට සිටි තවත් පුද්ගලයෙකුගේ ගිණුමකට රුපියල් කෝටි 49 ක මුදලක් එවා තිබුණා.

එම  පුද්ගලයා මීට මාස තුනකට පෙර අත්අඩංගුවට ගැනුණු අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා . අත්අඩංගුවට ගත් පුද්ගලයා අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?