මුදල් වංචා කළ සජබ නාගරික මන්ත්‍රීවරිය රිමාන්ඩ්

ආකර්ෂණීය පොළියක් ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක (101,700,000) මුදලක් වංචා කල බවට ලැබුණු පැමිණිලි අනුව සැක පිට අත්අඩංගුවට ගත් කැස්බෑව නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරිය ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කැස්බෑව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය යි නියෝගය ලබාදුන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක්.

පක්ෂයේ විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් භාවිත කර රුපියල් ලක්ෂ තුනේ සිට 25 දක්වා මුදල් ප්‍රමාණයක් පසුගිය 2022 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා වංචා කර ඇති බව ලැබුණු පැමිණිලිවලින් සනාථ වන බවයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියාසිටියේ.

සැකකාරියගේ වංචාවට හසුවූ කාන්තාවන් 11 දෙනෙකු පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව සඳහන්.

මුදල් ලබාගත් බවට සඳහන් අත්අකුරින් ලියන ලද ලිපි සහ සැකකාරියගේ හැඳුනුම්පතේ ඡායාපිටපත් මුදල් ලබාදුන් පැමිණිලිකාරියන් වෙත ලබාදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34