මුදල් ලේකම්ට එරෙහි පෙත්සම් පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද නැද්ද යන තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම් පවත්වාගෙන යාම සඳහා අවසර දෙන්නේ ද ? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක් නොමැතිව කල් තැබුවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා අද (22) දින සිට සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස සියලුම පාර්ශවකරුවන්ට නියෝග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල, අනතුරුව අදාළ පෙත්සම් පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය පසුවට කල් තබන බවත් ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මූලික විරෝධතාවක් මතු කරමින් අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(1)සහ 150(2) වගන්ති ප්‍රකාරව මුදල් නිදහස් කිරීමේ බලය මුදල් අමාත්‍යවරයා සතු වන බවත් රාජ්‍ය මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතු වන බව පෙන්වා දුන් නීතිඥවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මුදල් නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසිඳු බලයක් නොමැති බවත් කියා සිටියා.

රාජ්‍ය මුල්‍ය බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට වන අතර, ඒ සම්බන්ධ වන අපහාසයන් පිළිබඳව කටයුතු කිරීමේ බලය ද පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට බව පෙන්වා දුන් නීතිඥවරයා එවැනි අපහාසයක් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අධිකරණයට බලයක් නොමැති බවත් කියා සිටියා.

තමන්ට බලයක් නොමැති ක්‍රියාවක් නොකිරීම තුළින් අධිකරණයට අපහාස කිරීමක් සිදුනොවන බවත් එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතුවලට අදාළව වරින්වර මුදල් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නා.

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙයාකාරයෙන් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් නිදහස් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

තමන්ට බලයක් නොමැති නම් මෙලෙස වගඋත්තරකාර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් නිකුත් කළේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මෙම කරුණ වගඋත්තරකරු විසින් අධිකරණය හමුවේ වසන් කළ බවටත් චෝදනා කර සිටියා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව පසුවට කල් තැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2023 අයවැය ඇස්තමේන්තු තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මාර්තු මස තුන් වන දා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?