මුදල් කොල්ලකෑමක් සිදුකර මෝටර් රථයකින් පලායමින් සිටි කොල්ලකරුවන් පිරිසක් ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
වව්නියාව, තාන්ඩිකුලම් ප්‍රදේශයේ දී මෙම කොල්ලකෑම සිදුව ඇති අතර, කොල්ලකරුවන් විසින් රුපියල් 9,25000ක මුදලක් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලිසිය පැවසුවේ.
මුදල් කොල්ලකෑමක් සිදුකර පිරිසක් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පලා යන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පසුපස හඹාගොස් සැකකරුවන් තිදෙනෙකු සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු තිදෙනා වයස අවුරුදු 21 සහ 22 යන වයස්වල පසුවන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වව්නියාව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.














