මුදල් කොල්ලයක් සිදුකර පලායමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක් ඇල්ලූ පොලිස් මෙහෙයුම

මුදල් කොල්ලකෑමක් සිදුකර මෝටර් රථයකින් පලායමින් සිටි කොල්ලකරුවන් පිරිසක් ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

වව්නියාව, තාන්ඩිකුලම් ප්‍රදේශයේ දී මෙම කොල්ලකෑම සිදුව ඇති අතර, කොල්ලකරුවන් විසින් රුපියල් 9,25000ක මුදලක් මෙලෙස කොල්ල කා ඇති බවයි පොලිසිය පැවසුවේ.

මුදල් කොල්ලකෑමක් සිදුකර පිරිසක් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පලා යන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පසුපස හඹාගොස් සැකකරුවන් තිදෙනෙකු සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා වයස අවුරුදු 21 සහ 22 යන වයස්වල පසුවන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වව්නියාව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම ප්‍රසිද්ධ බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55