මුදලට, යාන වාහනවලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම සමාජ ආර්ථික පරිහානියට හේතුවයි – අධිකරණ ඇමති

මූලික මානුෂීය සංකල්පවලින් ඉවත් වී මුදලට, යාන වාහනවලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් වූ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තු අනෝන්‍ය අර්ථ සාධක අරමුදල් සමුපකාර සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ 2021 /2022 සහ 2023 අධ්‍යයන වර්ෂවල රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් ලැබු දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ (05) එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා,

”සමුපකාර සංකල්පය වසර දහස් ගණනක අතීතයක් ඇති මානව ගුණයක් සහිත සංකල්පයක් බව සඳහන් කළ යුතුයි. තමන් පමණක් නොව අනෙකාට උපකාර කළ යුතුය යන අදහස මෙම සංකල්පයේ ඇති වටිනාකමයි. අද මෙම ශිෂ්‍යත්වයෙන් ලබාදෙන මුදල ගැන පමණක් නොව සමාජයට යමක් දිය යුතුය යන පණිවිඩය මේ තුළින් ලබාදීම අතිශයින් වැදගත් වෙනවා. අන් අයට උපකාර කිරීමේ ගුණය අතීතයේ මේ රට තුළ තිබුණා. අධ්‍යාපනයේ සංකල්ප දෙකක් තිබෙනවා. ඒ සංකල්පවලින් ඉවත්වීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවයි. මුදලට යාන වාහනවලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් 70 දශකයෙන් පසුව රට තුළ පසුගිය කාලය තුළ බිහිවුණා. මම ජීවත්වෙන සමාජයට යමක් දිය යුතුය යන සංකල්පය අපි සමාජයට ලබා දිය යුතුයි. මේ රට දේශපාලඥයින්ට ඇමතිවරුන්ට අයිති නැහැ. මේ රට අයිති මේ රටේ ජනතාවටයි. බන්ධනාගාර සේවය කොතරම් හොඳ කළත් හොඳක් අහන්න බැරි වෙනස්ම රැකියාවක් බව අපි දන්නවා. අපි වටිනාකම ලබා දිය යුත්තේ මුදලට වාහනවලට නොව පුද්ගලයාගේ ශ්‍රමයටයි. පසුගිය කාලය තුළ තමන්ගේ දෙමාපියන් බන්ධනාගාරයේ රැකියාව කරනවා කිව්වහම ඇතැම්විට ඔවුන්ගේ දරුවන් වන ඔබට අවලාද අසන්නට සිදු වූ බව අපි දන්නවා. එක් අයෙකුගේ දෙනෙකුගේ වැරදි ක්‍රියා හේතුවෙන් කැපවීමෙන් වැඩ කරන දෙමාපියන්ගේ දරුවන් අපහසුතාවය පත් විය යුතු නැහැ. හැම රැකියාවකටම ගරු කළ යුතු රටක් අපි නිර්මාණය කළ යුතුයි. කිසි දෙයකට බිය නොවී රාජකාරිය කරන්න නිවැරදි දේ සිදු කරන ඔබව ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?