AFC Banner
AFC Banner
Empty Ad

මුදලට ගත් සුරූපී නළඟනන් සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට

මුදලට ගත් සුරූපී නළඟනන් 4දෙනකු සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස් දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් අතර බඩෝවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බිත්තරයා සහ අජාගේ පුතා ද වන බවයි පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.

සැකකරුවන් සමග හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 600ක් සහ හඳුනා නොගත් මත් පෙති වර්ග තුනක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දින එකහමාරක් පුරා අඛණ්ඩව පැපිලියාන ප්‍රදේශයේ නිවසක පිරිසක් එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් තරුණියන් කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියන් වන අතර සැකකරුවන් දෙදෙනෙක් එම සුරූපී නළඟනන් සාදය සඳහා මුදලට ගෙන්වාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකාරියන් සිව්දෙනා කොළඹින් දුරබැහැරවල පදිංචිකාරියක් බවත් සැකකරුවන් කොළඹ අවට පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සියලුම සැකකරුවන් සහ සැකකාරියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?