මුතුහෙට්ටිගමට දී තිබූ පොලිස් ආරක්ෂාවත් ඉවතට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඊයේ (31) දින සිට ඉවත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

නිශාන්ත මුතුහෙට්ටිගම පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි වී සිටිය ද ඔහුට තර්ජන ඇති බවට කර තිබූ ඉල්ලීමකට අනුව මෙලෙස පොලිස් ආරක්ෂාව ලබාදී තිබූ බවයි වාර්තා වන්නේ.

ඔහු වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ තීරුබදු රහිතව මෙරටට ගෙන් වූ බව කියන සුඛෝපභෝගී ජීප් රථයක් ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු විසින් පදවමින් සිටිය දී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට පොලිසිය මෙලෙස පියවර ගෙන තිබෙනවා.

අදාළ සුඛෝපභෝගී ජීප් රථය සමඟ පෙරේදා ගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයා ඊයේ (31) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

මෙම සිද්ධියෙන් පසු නිශාන්ත මුතුහෙට්ටිගමගේ ආරක්ෂාව වෙනුවෙන් සිටි සෙසු පොලිස් කොස්තාපල්වරයාත් ඉවත් කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33