මුඩුබිම් වනාන්තර බවට පත්කිරීමේ වැඩසටහනක්

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංරක්ෂිත ප්‍රදේශවල මුඩුබිම් වනාන්තර බවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳව වූ මූලික සාකච්ඡාවක් වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් 26 දින අමාත්‍යංශ ශ්‍රවාණාගාරයේදී පැවැත්වුණා.

වනාන්තර ඇතිකිරීම සඳහා සුදුසු අක්කර 100ක හෝ 200ක භූමිභාගයක් ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී එකඟතාවය පළ කර තිබෙනවා

ඒ සඳහා අවශ්‍ය පැළ වර්ගද ලබාදිය හැකි බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් කේ. එච්. ඒ. බණ්ඩාර මහතා එහිදී පැවසීය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් රටවල් 200කින් රටවල් 04ක් තෝරාගෙන වන රක්ෂිත ඇති කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවද තෝරාගෙන ඇති බව සඳහන්.

තිබෙන වනාන්තර රැකගැනීම හා අලුතින් වනාන්තර ඇති කිරීමේ වැදගත්කම පිළිබඳව එහිදී අමාත්‍යවරිය පැහැදිළි කරන ලදී.විවිධ අයුරින් සිදුවන පාරිසරික බලපෑම්වලට අනාගත පරපුරට මුහුණ දීමට නම් හැකි තරම් වනාන්තර හා වන වගා ඇති කළයුතු බවත්, මුඩුබිම් වනබිම් බවට පත්කළ යුතු බවත්, අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරුන්ගේ මැදිහත්වීම මත මෙම වැඩසටහන ශ්‍රී ලංකාවට හිමිකරගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මගින් මූල්‍යාධාර ලබාදීමට නියමිතයි.

පරිසර හානි අවම කිරීම, පරිසර දූෂණය වළක්වා ගැනීම, පරිසරය සම්බන්ධයෙන් ජනතාව තුළ යහපත් ආකල්ප ඇති කිරීම හා පරසර සංරක්ෂණය සම්බන්ධයෙන් ජනතාවට අවබෝධයක් ඇති කිරීම මෙහි අරමුණුවනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25
Video thumbnail
ප්‍රසාද් ප්‍රසිද්ධියේම ජනපතිට අභියෝග කරයි
10:22
Video thumbnail
චාමර සම්පත් වේදිකාවෙදිම කළ ප්‍රබල හෙළිදරව්ව..ID එක දෙන්න යනවා ඉන්දියාව හරහා..
07:11
Video thumbnail
අනුර කුමාර හරිම ලොන්තයි - හිරුණිකා සැරටම කියයි
08:20
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:17
Video thumbnail
හොරකමේ පුරෝගාමියා බවට අනුර කුමාර පත්වෙලා
08:19