මුගුරකින් පහරදී දෙදරු පියා ඝාතනය කෙරේ

බීමත්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

අධික ලෙස බිමත්ව සිටි මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඇති වූ

ගැටුම අතරතුර මුගුරකින් හිසට පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ලිඳුල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුවයි අද උදෑසන මියගොස් ඇත්තේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ ලිඳුල නාගසේන වලගහවත්තේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියෙක්.

මරණකරු සහ ඔහුගේ මිතුරා එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන් වන අතර ඊයේ (29) පස්වරුවේ අධික ලෙස බීමත්ව නිවසට පැමිණිමෙන් පසුව දෙදෙනා අතර බහින් බස් විමක් සිදුවී තිබෙනවා.

අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසු එක් අයෙක් අනෙක් පුද්ගලයාගේ හිසට මුගුරකින් කළ පහරදීමෙන් බරපතල තුවාල ලබා තිබූ බව සඳහන්.

මරණකරුගේ බිරිඳ විදේශ රැකියාවක නිරතව සිටින බව සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ මිත්‍රයා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:06
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:35:11
Video thumbnail
බොරු කීමේ තරඟයක් තිබ්බා නම් රන් පදක්කම දිනන්නේ මාලිමාව
06:18
Video thumbnail
ත්‍රී රෝද රථයක් මහ පාරේ උඩුයටිකුරු කළ අනතුර
00:47
Video thumbnail
සීදූව මහ පාරේ ත්‍රී රෝද රථයක් උඩුයටිකුරු වෙයි
01:13
Video thumbnail
බරකොකු තෙල ලෝකෙටම අරගෙන ගිය ආයුර්වේද වෛද්‍ය රන්දෙනිගම
03:09
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34


?