AFC Banner
Empty Ad
Empty Ad

මුගුරකින් පහරදී දෙදරු පියා ඝාතනය කෙරේ

බීමත්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.

අධික ලෙස බිමත්ව සිටි මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ඇති වූ

ගැටුම අතරතුර මුගුරකින් හිසට පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ලිඳුල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුවයි අද උදෑසන මියගොස් ඇත්තේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ ලිඳුල නාගසේන වලගහවත්තේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියෙක්.

මරණකරු සහ ඔහුගේ මිතුරා එකම වතු නිවාස පේලියක පදිංචිකරුවන් වන අතර ඊයේ (29) පස්වරුවේ අධික ලෙස බීමත්ව නිවසට පැමිණිමෙන් පසුව දෙදෙනා අතර බහින් බස් විමක් සිදුවී තිබෙනවා.

අනතුරුව එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් පසු එක් අයෙක් අනෙක් පුද්ගලයාගේ හිසට මුගුරකින් කළ පහරදීමෙන් බරපතල තුවාල ලබා තිබූ බව සඳහන්.

මරණකරුගේ බිරිඳ විදේශ රැකියාවක නිරතව සිටින බව සඳහන්.

ඝාතනය සම්බන්ධයෙන් මරණකරුගේ මිත්‍රයා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් ලිඳුල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගන්න වැඩකාරයෝ ටිකක් ඉන්නවා#dilithjayaweera #akd #npp
04:24
Video thumbnail
කෝ අර ෆයිල් තියෙනවා කිව්වා - ජනතාවගේ මුදල් කොල්ල කාපු අය ඇල්ලුවද?
01:53
Video thumbnail
මහින්ද රාජපක්ෂ කියන්නේ Brand එකක් #mahindarajapaksha
03:55
Video thumbnail
වැටිච්ච රටකට නැගිටින්න පනදුන්න ඔයාලට ස්තූතියි #npp #akd #anurakumaradissanayake
02:35
Video thumbnail
නෑදෑයොත් අපිව අතඇරලා ගියාම පවුල කඩා වැටෙනවා #namal_rajapaksha
02:46
Video thumbnail
Breaking News🛑රටම කම්පා කළ මහා ඛේදවාචකය - මින්නේරියේ දුම්රියක ගැටීමෙන් අලි රංචුවක් අවසන් ගමන් යයි
09:04
Video thumbnail
තිස්ස කුට්ටිගෙන් ජනපතිට ලොකු සද්දයක් - පුළුවන් තරම් ඉක්මනට හොරු අල්ලලා රටට ඉදිරිපත් කරන්න
08:19
Video thumbnail
අනුර වේදිකාවේ මයික් පැලුවටආණ්ඩු කරන එක අමාරුයි #anurakumaradissanayake
02:54
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42

?