මුඛ ආවරණ කෝ? යැයි විමසූ නගර සභා සේවකයාට හෝටල් සේවකයෝ පහර දෙති – වීඩියෝ සහිතයි

නුවරඑළිය නගරයේ පිහිටි ආපන ශාලාවක සේවකයින් මුඛ ආවරණ නොපැළ සිටීම පිළිබඳව විමසීමක් කළ නුවරඑළිය මහනගර සභාවේ ලිපිකරුවෙකුට එම ආපන ශාලාවේ සේවකයින් විසින් පහරදී තිබේ.

එස්. ක්‍රිෂ්ණ කුමාර් නැමති 32 හැවිරිදි දෙදරු පියෙකු ද වන ඔහු පහරකෑමෙන් තුවාල ලබා රෝහල්ගතකර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඉකුත් 17 දින රාත්‍රි 8ට පමණ එම සිද්ධිය ඇතිව තිබුණි.

අදාළ ආපන ශාලාවේ සේවිකාවන් මුඛ ආවරණ නොපැළද ආහාර පාන සංචාරකයින්ට ලබාදෙන අවස්ථාවේ එස්. ක්‍රිෂ්ණ කුමාර් මහතා ඒ පිළිබඳව විමසීමක්කර ඇති අතර ඒ් අවස්තාවේ ආපන ශාලාව ඇතුළට පැමිණ බලන ලෙසට ආපන ශාලාවේ අනෙක් සේවකයින් විසින් පවසා ඔහුව ‍ආපන ශාලාව තුළට රැගෙන ගොස් සියලුම සේවකයින් එක් වී පහරදීම සිදුකර ඇත.

මේ අතර නුවරඑළිය වසන්ත සමයට සමගාමීව පසුගිය දින කිහිපය තුළ දේශීය සංචාරකයන් විශාල පිරිසක් ද නුවරඑළියට පැමිණ සිටියහ‍.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09