මීළඟ මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම දෘෂ්‍යාබාධිත අය වෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක්

ආබාධිත සහිත ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් යුක්තිය ඉෂ්ට වී නොමැති බව සියලුදෙනා පිළිගතයුතු සත්‍යක් බැවින් කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව ඒ සඳහා ඉදිරියේදී පෙනී සිටින බව ආබාධ සහිත තැනැත්තන් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

දෙසැම්බර් 03ට යෙදී ඇති ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයන්, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ඇතුළු පාර්ශව කිහිපයක් සිදු කළ ඉල්ලීමට අනුව පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල මන්ත්‍රීවරුන් දේශපාලන භේදයකින් තොරව පසුගිය සැප්තැම්බර් මාසයේ මෙම සංසදය පිහිටුවා ගත් බව සඳහන් කළ සභාපතිවරයා කියාසිටියේ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් පෙනී සිටින බවට සහතික වන බවයි.

මෙවර අයවැයෙන් බස් රථ 600ක් මිලදී ගැනීම සදහා යෝජනාවක් පවතින බැවින් ඉන් බස්රථ කිහිපයක් හෝ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් මිලදී ගෙන නියමු ව්‍යාපෘතියක් කිරීම සඳහා ලබන 4 වනදා පාර්ලිමේන්තුවේදී යෝජනා කරන බව ද ඔහු ප්‍රකාශ කළා. මෙම යෝජනාව ගෙන ඒම සම්බන්ධයෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයට සිය ස්තූතිය පිරිනමන බවයි සභාපතිවරයා කියාසිටියේ.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව 2006 වසරේ අත්සන් කළ ද දියුණු රටවලට සාපේක්ෂව අප බොහෝ පසුපසින් සිටින බව මෙහිදී සංසදයේ සභාපතිවරයා පෙන්වා දෙනු ලැබුවා. මේ අනුව ප්‍රතිපත්ති සම්පාදනයේදී සාමූහිකව පෙනී සිටිමින් ආබාධිත ප්‍රජාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර සම්බන්ධීකරණය ඇති කිරීම ද සිය සංසදයේ අපේක්ෂාව බවයි ඩලස් අලහප්පෙරුම මහතා කියාසිටියේ.

එසේම ආබාධ සහිත ප්‍රජාවගේ අවශ්‍යතාවන් විවිධ රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ආදිය සමග බැදී ඇති බැවින් ඒ සියලු ආයතන එකතු කරමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගේ හඩ බවට පත්වීම මෙම නව සංසදයේ අරමුණ බව ද ඒ මහතා පෙන්වා දුන්නා.

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා පවසා සිටියේ මීළඟ ජාතික මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ද්‍රශ්‍යබාධිත අයවෙනුවෙන් විශේෂ ඡන්ද පත්‍රිකාවක් (Tactile ballot paper) ලබා දීමට පියවර ගන්නා බවයි. මීට පෙර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 10ක නියමු ව්‍යාපෘතියක් ලෙස එම වැඩසටහන සාර්ථක වූ බව ඔහු කියාසිටියා. එසේම ඡන්ද මධ්‍යස්ථානවල ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සහ ආබාධ සහිත ප්‍රජාවගේ ප්‍රවේශය සඳහා විශේෂ අවධානය යොමු කරන අතර ආබාධිත ප්‍රජාවට හැඳුනුම්පතක් ලබා දීමටත් පියවර ගන්නා බවයි රත්නායක මහතා කියාසිටියේ.

මෙහිදී අදහස් දැක්වූ ආබාධිත සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය පැවසදුවේ මෙරට ජනගහනයෙන් 8.7%ක් එනම් ලක්ෂ 16කට ආසන්න පිරිසක් ආබාධිත ප්‍රජාව බවයි. ඔවුන්ගේ හඬ වෙනුවෙන් පාර්ලිමේන්තු සංසදයක් පසුගිය සැප්තැම්බර් 6 වැනි දින පිහිටුවන්න ලැබීම විශාල ජයග්‍රහණයක් බව ද ඇය ප්‍රකාශ කළා. මෙරට ආබාධ සහිත තැනැත්තන්ට බස්රථ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනයේදී මෙන්ම ප්‍රවේශය සදහා බොහෝ පොදු ස්ථානවල මෙරට පහසුකම් නොමැති බැවින් විශාල අසාධාරණයක් සිදුවන බව ද ඇය පෙන්වා දුන්නා. එසේම ආබාධ සහිත තැනැත්තන් විශාල වශයෙන් අපයෝජනයට ලක්වීම, අධ්‍යාපනයට ඇති බාධාවන් පිළිබදව ද ඇය අවධානය යොමු කළා.

එබැවින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයීතීන් නෛතිකව බලගැන්වෙන නව පනතක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඇය ආබාධ සහිත තැනැත්තන් සදහා ද ‍දේශපාලනය තුළ නියෝජනයක් ලැබිය යුතු බවද පෙන්වා දෙනු ලැබුවා. එසේම සංසදයේ සභාපතිවරයා ඉතාම සංවේදී නායකයෙක් ලෙස ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් දක්වන දායකත්වය අතිශය අගය කරන බවයි කියාසිටියේ.

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතීන් ගරු කරන යහපත් සමාජයක් බිහිකිරීම සදහා මාධ්‍ය සතු වගකීම ද මෙහිදී අවධාරණය කෙරුණා.

එසේම සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වී කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ ජීව විද්‍යා විෂය හදාරන ද්‍රශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් වන බ්‍රයන් කිංග්ස්ටන් මෙහිදී අදහස් දක්වමින් සිය ප්‍රජාවට අදාළ ගැටලු ඉදිරිපත් කරනු ලැබුවා.

බ්‍රේල් පහසුකම සහිතව සකස් කළ සිය ‍‍තොරතුරු පත (visiting Card) සංසදයේ සභාපතිවරයාට සහ බ්‍රයන් කිංග්ස්ටන් ශිෂ්‍යාට පිළිගැන්වීම ද මෙම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත මහතා විසින් සිදු කරනු ලැබුවා.

USAID ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ NDI ආයතනයේ සහයෝගයෙනුයි මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?