මීමුරේට පී.සී.ආර්. යන්ත්‍රයක් ඉල්ලූ විට ජනපතිගෙන් ලැබුණ උත්තරේ

ගම සමග පිළිසඳර’ 10 වන වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කයේ මීමුරේ ගම්මානයේදී ඊයේ (13) පැවැත්විණි.

එහිදී ප්‍රදේශවාසියෙකු ජනාධිපතිවරයාගෙන් උඩුදුම්බර රෝහලට පී.සී.ආර්. යන්ත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

එයට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ “එන්නත දෙන්නේ ඊළඟට. එන්නත දුන්න ම පී.සී.ආර්. ඕන නැහැ. හැමෝට ම එන්නත දෙනවා. බය වෙන්න එපා,” යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්