මැයි මස 03 වැනි දින මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේ දී ටී56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ පෙරේදා (11) රාත්‍රියේ දී බටපොළ – නින්දාන ප්‍රදේශයේ දී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත් අඩංගුවට ගන්නා ලද බවයි.
සැකකරු 27 හැවිරිදි නින්දාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1














