මීටියාගොඩ ද්විත්ව ඝාතනයට ආ යතුරුපැදිකරුවෙකු අත්අඩංගුවට

මැයි මස 03 වැනි දින මීටියාගොඩ – තඹහිටිය ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකකින් පැමින වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට එක් යතුරුපැදියක පැදිකරු ලෙස පැමිණි සැකකරුවෙකු එම යතුරුපැදිය ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (20) පස්වරුවේ මෙම සැකකරුව මීටියාගොඩ – මහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු 22 හැවිරිදි මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරීන් විසින් 23 හැවිරිදි තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 100ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදලින් රුපියල් 127000ක් හා බැංකු කාඩ්පත් තුනක් ද සමගින් අත් අඩංගුවට ගැනුණා.

එම සැකකරු ද තඹහිටිය ඝාතනයට සම්බන්ධ දැයි සොයා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?