මීටියාගොඩ ද්විත්ව ඝාතනයට ආ යතුරුපැදිකරුවෙකු අත්අඩංගුවට

මැයි මස 03 වැනි දින මීටියාගොඩ – තඹහිටිය ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකකින් පැමින වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයට එක් යතුරුපැදියක පැදිකරු ලෙස පැමිණි සැකකරුවෙකු එම යතුරුපැදිය ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ (20) පස්වරුවේ මෙම සැකකරුව මීටියාගොඩ – මහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු 22 හැවිරිදි මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන නිලධාරීන් විසින් 23 හැවිරිදි තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 100ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන මුදලින් රුපියල් 127000ක් හා බැංකු කාඩ්පත් තුනක් ද සමගින් අත් අඩංගුවට ගැනුණා.

එම සැකකරු ද තඹහිටිය ඝාතනයට සම්බන්ධ දැයි සොයා ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25