මීටියාගොඩින් පත්තු වූ වෙඩිල්ලට සැකකරුවෙක් තලවකැලේදී අත්අඩංගුවට

මීටියාගොඩ, මලවැන්න ප්‍රදේශයේ දී පෙරේදා (01) දිනයේ මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරනු ලබන පුද්ගලයෙක් තලවකැලේ පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඉහත වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් මෙම සැකකරු ඊයේ (02) තලවකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි වාර්තාවන්නේ.

සැකකරු වයස අවුරුදු 31 ක් වන ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුව ආගරපතන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ ටී-56 ගිනි අවියක් සමඟ යතුරුපැදියක් තෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීම වාර්තා වූ දිනම අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?