මීගොඩ – නඳුන් උයනේ තැබූ වෙඩිල්ල ගැන සැකයක්

මීගොඩ, මුතුහේනවත්ත නඳුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට ඊයේ (13) රාත්‍රී 10.00ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මිලි මීටර් නවය වර්ගයේ උණ්ඩ යෙදූ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩික්කරුවන් විසින් එක් වෙඩි ප්‍රහාරයක් පමණක් එල්ල කර ඇති අතර, එම උණ්ඩය සහ කොපුව නිවස ඉදිරිපිට වැටී තිබියදී සොයාගෙන තිබෙනවා.

එම නිවැසියන් පවසන ආකාරයට ඊයේ (13) දහවල් කාලයේ ද නානදුනන යතුරුපැදියක් පැමිණ නිවස ඉදිරිපිටින් හරවා යළි ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාල නිවසේ කාන්තාවක් ඩුබායි රාජ්‍යයේ කාර්ගෝ සේවාවක් පවත්වාගෙන යන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බිය කිරීම සඳහා මෙලෙස ආසට වෙඩි තබා පළා ගියාද යන්න පිළිබඳව සැකයක් ඇති බවත්, නැතහොත් වෙනත් අරමුණක් හෝ සම්බන්ධතාවයක් මත මෙම වෙඩි තැබීම සිදුකළා ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32


?