මීගමුව බන්ධනාගාර රැඳවියන් පැවැත් වු මත්පැන් සාදය

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී වශයෙන් කටයුතු කළ අනුරුද්ධ සම්පායෝගේ කාලයේ සිරමැදිරි තුළ
රැඳවියන් මත්පැන් සාද පවත්වා ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ.

ඒ ඊට අදාළ වීඩියෝ පට හා ඡායාරූප රැසක් සොයාගැනීමත් සමග ය.

විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබ බන්ධනාගාර ගතවන අපරාධකරුවන් එහි සැපවිඳින ආකාරය පසුගිය කාලයේදී මාධ්‍යයේ දැඩි අවධානයට යොමුවිය. 

එය වඩා කතාබහට ලක්වන්නට වූයේ මීගමුව බන්ධනාගාරයේ ඇතැම් ප්‍රධාන පෙළේ අපරාධකරුවන් ගතකළ සැපවත් ජීවිත නිසාය. 

සුඛෝපභෝගී ආකාරයෙන් සිරමැදිරිවල ජීවත් වූ එම රැඳවියන් ශීතකරණ ඇතුළු විදුලි උපාංග මෙන්ම විවිධ ආහාරපාන රැස්කරගෙන තිබෙන අයුරු අප මාධ්‍ය ඔස්සේ අනාවරණ කළේය.

එම තොරතුරු පසුපස ගිය බුද්ධි අංශ සිරකරුවන් සාද පැවැත්වූ දර්ශන පෙළක් ද සොයාගැනීමට සමත්ව තිබේ. 

අධිකරණයෙන් දඬුවම් ලැබ බන්ධනාගාරයට එන අපරාධකරුවන් මේ අනීතික ක්‍රියාවලියේ නිරතව ඇත්තේ, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ සේවා සමය තුළදී බවට අපට තොරතුරු
අනාවරණ  වේ.

විශේෂිත වූ සිරමැදිරියක් තුළ රඳවා සිටි එම රැදවියන් සිටින සිරමැදිරියේ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සවිකර ඇති ආකාරය මෙන්ම බ්ලෙන්ඩර් උපයෝගි කරගනිමින් විවිධ පානයන් සකසා ගන්නා ආකාරය ද එම දර්ශනවලින්
පෙන්නුම් කෙරේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කොණ්ඩ රංජි’ ඇතුළු පිරිස එම සිරමැදිරිය තුළ සුපිරි ජීවිතයක් ගතකර ඇති බව එම ඡායාරූප හා වීඩියෝ මඟින් හෙළිවී ඇති බව බුද්ධි අංශ විසින් මේ වන විට
අනාවරණ කරගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ රැඳවූවන්ට පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව පසුගියදා ඇප මත මුදාහරිනු ලැබීය. 

ඔහුට එරෙහිව මේ වනවිට අධි චෝදනා ගොනුකර තිබේ. 

මේ පිළිබඳ අදහස් දැක්වු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා,

“මේ බන්ධනාගාරයේ සිදුවු සිද්ධිය මුළු රටම දන්නවා. මේ සිද්ධිය පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වුවා. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය දැනට විදිමත් පරීක්ෂණයකට අපි සුදානම්වෙලා සිටිනවා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපතිවරයා මාර්ගයෙන් චෝදනා ගණනාවක් යටතේ අධිචෝදනා ගොනුකරලා තියෙනවා. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිතුමා ඇතුළු කණ්ඩායමට. මෙවැනි සිද්ධි අද වෙනකොට වාර්තා වෙන්නේ නෑ.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?