මීගමුව බන්ධනාගාර රැඳවියන් පැවැත් වු මත්පැන් සාදය

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී වශයෙන් කටයුතු කළ අනුරුද්ධ සම්පායෝගේ කාලයේ සිරමැදිරි තුළ
රැඳවියන් මත්පැන් සාද පවත්වා ඇති බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබේ.

ඒ ඊට අදාළ වීඩියෝ පට හා ඡායාරූප රැසක් සොයාගැනීමත් සමග ය.

විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් ලැබ බන්ධනාගාර ගතවන අපරාධකරුවන් එහි සැපවිඳින ආකාරය පසුගිය කාලයේදී මාධ්‍යයේ දැඩි අවධානයට යොමුවිය. 

එය වඩා කතාබහට ලක්වන්නට වූයේ මීගමුව බන්ධනාගාරයේ ඇතැම් ප්‍රධාන පෙළේ අපරාධකරුවන් ගතකළ සැපවත් ජීවිත නිසාය. 

සුඛෝපභෝගී ආකාරයෙන් සිරමැදිරිවල ජීවත් වූ එම රැඳවියන් ශීතකරණ ඇතුළු විදුලි උපාංග මෙන්ම විවිධ ආහාරපාන රැස්කරගෙන තිබෙන අයුරු අප මාධ්‍ය ඔස්සේ අනාවරණ කළේය.

එම තොරතුරු පසුපස ගිය බුද්ධි අංශ සිරකරුවන් සාද පැවැත්වූ දර්ශන පෙළක් ද සොයාගැනීමට සමත්ව තිබේ. 

අධිකරණයෙන් දඬුවම් ලැබ බන්ධනාගාරයට එන අපරාධකරුවන් මේ අනීතික ක්‍රියාවලියේ නිරතව ඇත්තේ, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ සේවා සමය තුළදී බවට අපට තොරතුරු
අනාවරණ  වේ.

විශේෂිත වූ සිරමැදිරියක් තුළ රඳවා සිටි එම රැදවියන් සිටින සිරමැදිරියේ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සවිකර ඇති ආකාරය මෙන්ම බ්ලෙන්ඩර් උපයෝගි කරගනිමින් විවිධ පානයන් සකසා ගන්නා ආකාරය ද එම දර්ශනවලින්
පෙන්නුම් කෙරේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කොණ්ඩ රංජි’ ඇතුළු පිරිස එම සිරමැදිරිය තුළ සුපිරි ජීවිතයක් ගතකර ඇති බව එම ඡායාරූප හා වීඩියෝ මඟින් හෙළිවී ඇති බව බුද්ධි අංශ විසින් මේ වන විට
අනාවරණ කරගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ රැඳවූවන්ට පහසුකම් ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව පසුගියදා ඇප මත මුදාහරිනු ලැබීය. 

ඔහුට එරෙහිව මේ වනවිට අධි චෝදනා ගොනුකර තිබේ. 

මේ පිළිබඳ අදහස් දැක්වු බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා,

“මේ බන්ධනාගාරයේ සිදුවු සිද්ධිය මුළු රටම දන්නවා. මේ සිද්ධිය පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වුවා. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය දැනට විදිමත් පරීක්ෂණයකට අපි සුදානම්වෙලා සිටිනවා. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපතිවරයා මාර්ගයෙන් චෝදනා ගණනාවක් යටතේ අධිචෝදනා ගොනුකරලා තියෙනවා. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරිතුමා ඇතුළු කණ්ඩායමට. මෙවැනි සිද්ධි අද වෙනකොට වාර්තා වෙන්නේ නෑ.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09