AFC Banner
Empty Ad

මිළ වැඩි කරන්න ඉල්ලීම් කරන භාණ්ඩ මෙන්න

භාණ්ඩ කිහිපයක මිළ වැඩි කිරීමට ආයතන කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව අද (6) අනාවරණය වුණා.

ගෑස්, කිරිපිටි, සිමෙන්ති හා කුකුළු මස් ආදී දෑවල මිල මෙලෙස ඉහළ නැංවීමටයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇත්තේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන වියදම ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය නිසා මිල ඉහළ යාම, සැපයුම අඩුවීම, ප්‍රවාහන වියදම් වැඩිවීම, කන්ටේනර් ගාස්තු ඉහළ යාම හා ප්‍රවාහනය සඳහා නැව් හිඟය ඇතුළු කාරණා ගණනාවක් මෙම ඉල්ලීමට හේතු ලෙස අදාළ සමාගම් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් මෙම ඉල්ලීම් පිළිබඳව තවමත් නිෂ්චිත තීරණයක් ගෙන නැති බව සඳහන්.

අදාළ භාණ්ඩ සහ ද්‍රව්‍ය සියල්ල පවතින්නේ රජයේ මිල පාලනයට යටත්ව නිසා ඒවායේ මිල රජයේ අවසරයකින් තොරව ඉහළ නැංවීමට හැකියාවක් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?