AFC Banner
AFC Banner
Empty Ad

මිහින්තලේ විදුලිය විසන්ධි කරයි

මිහින්තලා රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

ඒ ගෙවීමට ඇති හිඟ විදුලි බිල් මෙතෙක් නොගෙවීම හේතුවෙන්.

රුපියල් ලක්ෂ 41කට ආසන්න මුදලක් විහාරස්ථානයේ විදුලි බිල ලෙස ගෙවීමට ඇති බවටයි වාර්තා වන්නේ.

මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් සඳහන් කළේ ඓතිහාසික මිහින්තලා භුමියේ දෙස් විදෙස් සංචාරකයින් මේ දිනවල විශාල වශයෙන් ඉර සේවය නැරඹීම සඳහා පැමිණෙන බවයි.

මිහින්තලේ පූජා භූමිය සඳහා රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් එවා ඇති අතර මේ තුළින් රටේ බෞද්ධ ජනතාවට මරු පහරක් එල්ල වී ඇති බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
2
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?