මිහින්තලා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 41ක විදුලි බිල විපක්ෂ නායක ගෙවා දමයි

මිහින්තලා රජමහා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 41ක් වූ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ සහ ධනපතීන්ගේ පරිත්‍යාගයන්ගෙන් එම බිල ගෙවා දැමීමට කටයුතු කළ බවයි.

පසුගියදා මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් හමුවී ලබාදුන් පොරොන්දුව ඉඩු කරමින් මෙම කටයුතු සිදු කළ බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශකර තිබෙනවා.

මිහින්තලේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ විපක්ෂ නායකවරයා නාහිමියන් හමුවේ සඳහන් කළේ විදුලි බිල ගෙවා දමන අතර ඉදිරි පෙරහැර කටයුතුවලට වැයවන බිල ද ගෙවීමට කටයුතු කරන බවටයි.

ඔහු නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ විහාරස්ථානයට දැවැන්ත විදුලි බිලක බරක් රජය විසින් පටවා තිබූ අතර ඒ හේතුවෙන් විහාරාධිපති හිමියන් ඇතලු සංඝරත්නය මෙන්ම බැතිමතුන් ද දැඩි පීඩනයකට ලක්ව සිටි බවයි.

Sajith Premadasa Letter scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
1
+1
17
+1
1
+1
4
+1
4
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?